සිංහරාජ වනාන්තරය



ලෝක උරුම සිංහරාජ වනාන්තරයේ කානුකපන වනසංරක්ෂණ අමනයෝ........

සිංහරාජය පිළිබඳව හැදින්වීමක් කිරීම අනවශ්‍ය බව මම දනිමි. නමුත්ඉතා සංවේදී පරිසර පද්ධතියකින් හෙබි ලෝක උරුමයක් වන සිංහරාජ වනාන්තරය ආරක්ෂා කරගැනීම අපගේ යුතුකමකි වගකීමකි.
2010 අගෝස්තු මස 24 වෙනි දින සිංහරාජ වනාන්තරයේ සංචාරයක නියුතුවූ මාහට දැකගතහැකිවූයේ සිත් අදහා ගතනොහැකි සිදුවීමකි.
යෝධ නවද ගස නැරඹීමට යන මාර්ගය සම්පූර්ණයෙන්ම මඩවී ගමන්කිරීමට අපහසු තත්වයට පත්ව තිබූ අතර එයට හේතුකුමක් දැයිසෙවූ මාහට දැනගත හැකිවූයේ....


ස්භාවික වනාන්තරයක සකස්වී තිබෙන ජලබැස්මක්/ඇලක් (මාර්ගයේ එක්පසක) ඉහල උපදෙස්මත බැකෝයන්ත්‍ර යොදාගනමින් කිලෝමීටර් ගනනාවක් යනතෙක් ගැඹුරට හාරා ඇතිබවයි. ස්භාවික පරිසරය පිළිබඳව උනන්දුවක් ඇති මාහට මෙසේ වනාන්තරය පුරා ඇලක් ගැඹුරට කැපීමට හේතුව සොයාගැනීමට නොහැකිවිය.
වගකිවයුතු පුද්ගලයින් දෙදෙනෙකුගෙන් ලත්තොරතුරුවලට අනුවනම් මෙම ක්‍රියාව ඉහලින් ආ නියෝගයක් බවත් කොන්ත්‍රාත් එක නිසා වගකිවයුක්තකු විශාලලෙස මුදල් උපයා ඇති බවත්ය.
මට නැගෙන පැනයනම් ස්භාවික වනාන්තරයක ජලය බැසයාමට ඇලවල් සුද්ධ කළයුතුද යන්නය ?
පරිසර ඇමතිතුමනි ඔබේ අවධානය මේවෙත යොමුකර ස්භාවිකවනාන්තර ආරක්ෂා කිරීමට බුද්ධිමත් නිලධාරීන් තෝරාගන්නා ලෙස කරුණාවෙන් ඉල්ලමි.

Comments