තාක්ෂණය
Euro News වාර්ථා වනට අනුව මාසගනනක් තිස්සේ ගූගල් ආයතනය චීන රජය සමග තිබූ ආරවුල විසදාගෙන ඇත. ඒ අනුව චීන රජය විසින් තමරටේ ස්වාධීනත්වයට හානිකරණ කිසිම තොරතුරක් ගූගල් සෙවුම් යන්ත්රවය ඔස්සේ චීන ජනතාවට ලබාදීම තහනම් කොට ඇති අතර චීනය විසින් නිරන්තරයෙන් ගූගල් සෙවුම් යන්ත්ර්ය පරික්ෂාවට ලක්කරණු ඇත. මේ සියලු කාරණා වලට ගූගල් සමාගමට එකග වීමට සිදුවූයේ චීනය විසින් ගූගල් සෙවුම් යන්ත්රකය තහනමට ලක්කිරීමත් එමගින් ඔවුනට අතිමහත් ආර්ථික පාඩු විදීමටත් සිදුවීම හේතුකොටගෙනය. චීනය දැනට ලෝකයේ වඩාත්ම වේගයෙන් ව්යතප්තවන අන්තර්ජාල වෙළදපලවේ.