ගරු ජනාධිපති තුමනි.......



මේ දිනවල මාධ්යු තුල වඩාත් කථාබහට ලක්වන මාතෘකාවක් නම් රථවාහන සහ වෙනත් විද්යුත්උපකරණ රාශියක බදු ආසන්න ලෙස 50% කින් පමණ අඩුකරණ ලද බවයි.
රජයේ මාධ්යය වල පෙන්වන ආකාරයටම මිල අඩුවී ඇත්තේ සුකෝපභෝගී කාණ්ඩයටතට ගැනෙන මෝටර්රථ, කැබ්, වැනි කාංඩය. මගීප්රටවාහන බස්රථ වලද අඩුවී ඇති බව සදහන් කරයි. එසේම ජංගම දුරකථන වැනි ඉලෙක්ට්රෝංනික උපකරණ කිහිපයකද මිල පහත වැටෙනු ඇති බව පැවසේ. නමුත් මාහට දැන ගැනීමට ලැබුන පරිදි මෝටර් සයිකල් වළ මිල 25% පමණ ඉහල ගොස් ඇත.

ඔබතුමාගේ මූලික පරමාර්ථයක් වන රට සෑම අතින්ම දියුනු කිරිම යන්න මෙවැනි ක්රිමයාමගින් සිදුවේද යන්න මටනම් අපහැදිලිය. ඔබතුමාට ආර්ථික විද්යා උපසදස් සපයන ඉහල මධ්ය‍ම පංතික කොටස් වල කුහක අරමුනු ඉටුකරගැනීම සදහා ඔවුන් විසින් ඔවුන්ගේ අවශ්යිතාවයන් සපුරාගැනීමට අවශ්යඅවන සුකෝපභෝගි භාණ්ඩ වල මිල පමනක් උපක්ර්මශීලීව අඩුකරගෙන ඇතිබවනම් පෙනේ.
රටේ ජීවත්වන සාමාන්යී මිනිසුන්වන අපහට වැදගත්වන්නේ මෝටර් සයිකලයක ඇදුමක ආහාර ද්රයව්යල වලමිල අඩුවීමක් පමණි.


රටේ ජනතාවගෙන් 10% පමණ වන මුදල් අතේගැවසෙන කොටසට පමණක් අදාල වන පරිදි බදු අඩුකිරීමෙන් (රුපියල් ලක්ශ 50 ට වැඩි භාණ්ඩවල) ඉතිරි 90% පමණ වන ජනතාවට සෙත සැලසෙන්නේ කෙසේ ද ? තවදුරටත් බහුතරයකගේ අසහනය වර්ධනයවනු ඇත.
අපට අවශ්ය වන්නේ .....
• සහල්
• කිරිපිටි
• පාන්පිටි
• සීනි
• පරිප්පු
• ප්රපවාහන ගාස්තු
• විදුලි ගාස්තු
වැනි භාණ්ඩ හා සේවා සදහා පනවා ඇති අසාමන්ය බදු අඩුකිරීමයි. එවිට රටේ බහුතරයක් ජනතාවට සහන අත්වනුඇත.

Comments